ගුරුවරුන්ගේ උත්තර පත්‍ර ඇගයීම දීමනාව දෙගුණයකින් ඉහළ දමයි

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ගේ දෛනික සංයුක්ත දීමනාව රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (01) තීරණය කළේය. තවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමස්ත ඇගයීම් දීමනා දෙගුණයකින් ද වැඩි කිරීමට මෙහිදී තීරණය විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් අතර එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද සිදු විය.
පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර යන මහත්වරුන් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණි.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය වැනි විෂයයන් සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් අයදුම් කර නැති බවත් ගුරුවරුන් විශාල පිරිසක් අයදුම් කර නැත්තේ දෛනික ඇගයීම් දීමනාව වැඩි නොකිරීම නිසා බවත් වාර්තා වන අතර දීමනා වැඩි කිරීමේ නව තීරණය අනුව ඇගයීම් සඳහා ගුරුවරුන් අයදුම් කරනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
259 Views
Comments