පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙක් දැලේ

පැහැරගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙක් දැලේ

ත්‍රීරෝද රථ රියදුරෙකු පැහැර ගෙන ගොස් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  ප්‍රබල දේශපාලන පක්ෂයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු බව කියන පුද්ගලයෙක් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

මෙම පැහැර ගැනීමට යොදා ගත්තේ යැයි කියන ජිප් රථයක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

 

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම ත්‍රිරෝද රථ රියදුරා පසුගිය මාසයේ 13 වෙනිදා ඔහුගේ නිවසේ සිටියදී පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  මැතිවරණ කොට්ඨාසයක ආසන සංවිධායකවරයකු බව පොලිසියට පවසා  තිබේ.

views

240 Views

Comments

arrow-up