කිලිනොච්චියේ මාරක අනතුරකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

කිලිනොච්චියේ මාරක අනතුරකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහලේ

කිලිනොච්චියේ මාරක අනතුරකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහලේ

කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ දී ඊයේ සවස වෑන් රථයක් මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් සිව්දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

 

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ඉදිරිපස ගමන්ගත් පුද්ගලයෙකු හා පසුපස ආසන වල සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පුනරීන් පොලිසිය පවසා සිටී.

 

වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර, අනතුරින් තුවාල ලැබූ පිරිස කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

views

196 Views

Comments

arrow-up