පිළියන්දලදී ගැටකපන්නෙකු විසින් කළ පිහි ඇණුමකින් මගියෙක් අසාධ්‍යව රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

පිළියන්දලදී ගැටකපන්නෙකු විසින් කළ පිහි ඇණුමකින් මගියෙක් අසාධ්‍යව රෝහලේ

පිළියන්දලදී  ගැටකපන්නෙකු  විසින් කළ  පිහි ඇණුමකින් මගියෙක්  අසාධ්‍යව රෝහලේ

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැට කපන්නෙකු විසින් එල්ල කළ පිහි පහරක් බස් රථයේ ගමන් කල  තරුණයෙකුට වැදී බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසා සිටී.

 

කොටගෙදර මාළු බෝක්කුව ආසන්නයේදී  මගීයෙකුගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇති අතර ඒ සමගම කොන්දොස්තර, රියදුරු සහ තවත් තරුණයන් දෙදෙනෙක් ගැට කපන්නන් දෙදෙනා සමග බහින් බස් වීමක් සිදුවී තිබූ අතර එහිදී එක් ගැට කපන්නෙකු සඟවාගෙන සිටි උල් පිහියකින් කොන්දොස්තරවරයාට පහර දීමත් සමගම ඒ ආසන්නයේ සිටි තරුණයාගේ උදර ප්‍රදේශයට පිහි පහර වැදී ඇතැයි පොලිසිය පවසා සිටී .

 

 ඒ සමගම බස් රථයේ සිටි මගීන් ගැට කපන්නන් දෙදෙනාට පහර දී ඇති අතර එක් ගැට කපන්නෙක් මගීන්ගේ පහරදීම මධ්‍යයේ පලාගොස් ඇති අතර පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව මගීන් විසින්  පොලිසියට බාරදී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු මඩපාත බෙරවාවල පදිංචිකරුවෙකි. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටී.

 

පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

views

226 Views

Comments

arrow-up