පොලිසියේ මහ පුටුවට තුන් කොන් තරගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

පොලිසියේ මහ පුටුවට තුන් කොන් තරගයක්

පොලිසියේ මහ පුටුවට තුන් කොන් තරගයක්

වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සිය සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිත අතර, එයින් පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා මේ වනවිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් තිදෙනා අතර තුන්කොන් තරගයක් ආරම්භ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඉහත තිදෙනා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙන වෙනම කරුණු ඉදිරිපත් කිරීමටද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

views

225 Views

Comments

arrow-up