යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්

යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්

යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ ආර්නෝල්ඩ් මහතා ඉකුත් 28 වැනිදා සභාවට දෙවෙනි වතාවටත් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වීමත් සමග ඔහුට නගරාධිපති ධුරය අහිමි විය.

 

එදින අයවැයට විපක්ෂව ඡන්ද විසි දෙකක් හිමි වූ අතර පක්ෂව ලැබුනේ ඡන්ද දාසයක් පමණි.

 

මේ අනුව පුරප්පාඩු වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා නව නගරාධිපතිවරයකු පත් කිරීමේ ඡන්ද විමසීම එළඹෙන දහ වනදා පැවැත්වීමට උතුරු පළාත භාර පළාත් පාලන මහ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

views

190 Views

Comments

arrow-up