ඡන්දය කල් යාම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ඡන්දය කල් යාම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ඡන්දය කල් යාම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින්, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

 

අදාල පැමිණිලි සම්බන්ධයෙන් මූලික කරුණු විමසීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට කැඳවීමක් කර ඇති බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් පවසා සිටින අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ කටයුතු හේතුවෙන් වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

views

205 Views

Comments

arrow-up