ගාල්ලේ දී සුනාමි පෙරහුරු පාඨමාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ගාල්ලේ දී සුනාමි පෙරහුරු පාඨමාලාවක්

ගාල්ලේ දී සුනාමි පෙරහුරු පාඨමාලාවක්

සුනාමි අවදානමක් සහිත පාසල් තෝරා ගනිමින් සුනාමි ආපදා පෙරහුරු අභ්‍යාසක්  පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වැඩසටහන් මාලාවක්  සංවිධානය කර තිබේ.



මෙහි පළමු වැඩසටහන රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලයයේ දී අද (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය ලැබී ඇති බවත් එය මේ මස තුළ  පවත්වන බවට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.
 


මාදම්පාගම මාදම්පා මහා විද්‍යාලය, මාදම්පාගම කුමාර කාශ්‍යප කනිෂ්ට විද්‍යාලය, රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලය, දොඩන්දුව රෝහණ විද්‍යාලය, මාගාල්ල සුධර්මා විද්‍යාලය, මාගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය සහ ගිංතොට මහා විද්‍යාලයේ දී මෙම වැඩසටහන් පැවැත්වේ.

views

236 Views

Comments

arrow-up