2023 මාර්තු 16 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.
නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං නැගෙනහිර සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 33 | 23 | 95 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 30 | 25 | 90 | 75 | සිහින් වැසි වාර කිහිපයක් |
කොළඹ | 32 | 23 | 95 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 32 | 24 | 95 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 31 | 24 | 90 | 65 | වැසි ස්වල්පයක් |
මහනුවර | 32 | 20 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
නුවරඑළිය | 22 | 10 | 95 | 60 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 33 | 22 | 95 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 24 | 95 | 75 | සිහින් වැසි වාර කිහිපයක් |
මන්නාරම | 31 | 25 | 90 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
211 Views
Comments