2023 මාර්තු 09 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

2023 මාර්තු 09 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මාර්තු 09 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත් වලත් ත්‍රිරිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් විටින්  විට හමන පැ.කි.මී. 40 -50 ක් මණ වන තරමක් තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ.

 

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 ක් පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2023-03-09
නගරය උෂ්ණත්වය (සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 23 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 30 26 90 75 වැසි වාර කිහිපයක්
කොළඹ 32 24 90 70 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 30 23 90 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
යාපනය 30 24 90 65 වැසි ස්වල්පයක්
මහනුවර 31 21 90 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 20 12 95 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
රත්නපුරය 33 23 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ත්‍රිකුණාමලය 30 26 90 70 වැසි වාර කිහිපයක්
මන්නාරම 31 25 85 65 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
views

194 Views

Comments

arrow-up