බෙලිඅත්තේ භූමිතෙලා පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

බෙලිඅත්තේ භූමිතෙලා පොලිස් භාරයට

බෙලිඅත්තේ භූමිතෙලා පොලිස් භාරයට

බෙලිඅත්ත, හත්බෝධිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භූමිතෙලා නම් සැකකරුවකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව පසුගිය 20 වන දා ඔහු අත්අඩංගුවට පත් වී ඇති බව වාර්තා වේ.

 

ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් මිලිමීටර 3.8 ක උණ්ඩ යොදන රිවෝල්වරයක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

සැකකරු සම්බන්ධයෙන් පැය 48 ක රැඳවුම් නියෝග ලබා ගත් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඔහු බෙලිඅත්ත පොලීසියට භාර දී තිබේ.

 

අනතුරුව ඔහු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අප්‍රේල් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

views

256 Views

Comments

arrow-up