දෙවැනි ණය වාරිකය ගැනීමට නම් මහන්සි වීමට සිදු වන බව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කඩිනමින් සපුරා නොගතහොත් දෙවැනි ණය වාරික නොලැබෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදල් සහය ලැබීම ගැන සන්තෝෂ වන බවත්, ආර්ථිකය ගොඩ නැගීමට සහනයක් ලැබීම ගැන සතුටු විය හැකි බවත් පවසන හෙතෙම, ඒ සඳහා සහාය වූ හැමදෙනාටම ස්තූතිවන්ත වන බව ද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරා නොගතහොත් දෙවැනි වාරිකය නොලැබෙන බව ද, මීළඟ කොටස ඉතා අසීරු බව ද, ඔවුන් කොටස් වශයෙන් ණය ලබාදෙන්නේ ඒ නිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
193 Views
Comments