හරක් කටා සහ සලිඳු ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ සහ සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් විසින් අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
එහිදී සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය සම්බන්ධයෙන් සතියක් ඇතුළත අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්, පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා භාරයේ සැකකරුවන් පිටතට රැගෙන යන ලෙස එහිදී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ.
එහිදී ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන් ද අධිකරණයේ අවධානය යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
216 Views
Comments