වෛද්‍යවරුන්ගේ පෙත්සමක් ගැන තීරණය 17 දිනට කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

වෛද්‍යවරුන්ගේ පෙත්සමක් ගැන තීරණය 17 දිනට කල් යයි

වෛද්‍යවරුන්ගේ පෙත්සමක් ගැන තීරණය 17 දිනට කල් යයි

රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිබඳව නියෝගය මැයි මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

 

රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ද  එදින තෙක් දීර්ඝ කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙන අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ගෙන ඇති බව සඳහන් වේ.

 

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු 176ක් විසින් අදාල පෙත්සම ගොනු කර තිබූ අතර එම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම නඩුවට පාදක වන කරුණු රාජ්‍ය සේවා කොමිසම හා බැඳුණු බැවින් එම කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

views

129 Views

Comments

arrow-up