වෙන්නප්පුවේ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරු දකී

වෙන්නප්පුව පේරගස්හංදිය ප්‍රදේශයේදී වැටලීමක් අතරතුර පොලිසිය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් වෙන්නපුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවූ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුපස අද පස්වරුවේ මාරවිල පොලිසියේ නිලධාරීන් ලුහුබැඳ ඇති අතර එහිදී මියගොස් ඇති සැකකරු විසින් පොලිසියට කඩුවකින් පහරදී තිබේ. එම අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ සැකකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඔහු සමග සිටි අනෙක් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
236 Views
Comments