අම්පාරේ වන අලි ප්‍රහාර වලින් දෙදෙනෙක් මරු දකී

අම්පාර, මහඔය සහ දීඝවාපිය ප්‍රදේශවලදී වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙසේ වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ, අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි අම්පාර පොලිස් උප ගරාජයට අනියුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙක් බව සඳහන් වේ.
රාජකාරි නිමවී නිවසට යමින් සිටියදී, එරගම දීඝවාපිය ප්‍රදේශයේ දී මොහු වන ප්‍රහාර අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව සඳහන් වේ.
අනෙක් වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ මහඔය ටැම්පිටිය ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කර සිටී.
මෙම පුද්ගලයා ඊයේ (04) රාත්‍රියේ සුනඛයා බුරන ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහු වන අලි ප්‍රහාරයට ලක් වී ඇති බව සඳහන් වේ.
251 Views
Comments