මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය ඉල්ලයි

මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය ඉල්ලයි

ඡන්දය පවත්වන ලෙස දිගින් දිගටම රජයට බල කොට සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටී.

 

මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට මූල්‍යමය ස්වාධීනත්වය ලබාදිය යුතු බව ද කියා සිටින ඒ මහතා මැතිවරණය සම්බන්ධ මෙවැනි බරපතල ගැටළුවක් පැන නැගී ඇත්තේ එම මූල්‍යමය ස්වාධීනත්වය නොමැති වීම නිසා බවද කියා සිටී.

 

ඇමරිකාවේ ජනාධිපතිවරණය උපුටා දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එවැනි රටවල නිශ්චිත ඡන්ද කැලැන්ඩරයක් පවතින බවත්, මෙරටද එවැන්නක් පැවතියේ නම් මෙවැනි ගැටළුවක් පැන නොනගින බවත් ය.
 

views

249 Views

Comments

arrow-up