ත්‍රිකුණාමලයේ ධීවරයන්ට ගල්වලින් පහර දුන් පිරිසක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ත්‍රිකුණාමලයේ ධීවරයන්ට ගල්වලින් පහර දුන් පිරිසක් දැලේ

ත්‍රිකුණාමලයේ ධීවරයන්ට ගල්වලින් පහර දුන් පිරිසක් දැලේ

ත්‍රිකුණාමලය-ඩයික් පාර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ පිරිසකට ගල්වලින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් අවුරුදු 29 ත් 43 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.

 

ධීවරයන්ට ගල්වලින් පහර දී ධීවර දැල් කපා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිලි 08 ක් ලැබී තිබුණු බව සඳහන් වේ.
 

views

236 Views

Comments

arrow-up