හොරතොට අත්වැල් පාලම අබලන් වීමෙන් හාලිඇල සහ ඌව පරණගම ප්‍රදේශවාසීන් අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

හොරතොට අත්වැල් පාලම අබලන් වීමෙන් හාලිඇල සහ ඌව පරණගම ප්‍රදේශවාසීන් අර්බුදයක

හොරතොට අත්වැල් පාලම අබලන් වීමෙන් හාලිඇල සහ ඌව පරණගම ප්‍රදේශවාසීන් අර්බුදයක

හාලිඇල සහ ඌව පරණගම මැතිවරණ කොට්ඨාස යා කරමින් ඇති හොරතොට අත්වැල් පාලම අබලන් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පාමින් සිටී.

 

 

උමා ඔයට අඩි 80 ක් පමණ ඉහළින් ඇති මෙම පාලම හාලිඇල ඇතුළු නගර කිහිපයකට යාම සඳහා ඇති කෙටිම මාර්ගය වන අතර ගම්මාන රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතා සඳහා එම පාලම යොදාගනු ලැබිණි.

 

 

වසර 70 ක පමණ ඉතිහාසයක් ඇති මෙම පාලම වසර ගණනාවකින් නඩත්තුවකට ලක් නොවීම හේතුවෙන් මේ වනවිට දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව ඇති බැවින් කඩිනමින් එය පිළිසකර කර දෙන මෙන් ප්‍රදේශවාසීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

views

335 Views

Comments

arrow-up