කහටගස්දිගිලියේ නිවසකට ආ අඩි දහයේ දැවැන්තයා

කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේ නිවසක් අසළට පැමිණි දැවැන්ත පිඹුරෙකු අල්ලා ගෙන රක්ෂිතයකට නිදහස් කර ඇති බව වාර්තා වේ.
තම ගෙවත්තේ සැරිසරමින් සිටි අඩි 10 ක් පමණ දිගින් යුත් පිඹුරා පිළිබඳ නිවැසියන් විසින් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු, එම නිලධාරීන් පැමිණ සත්වයා අල්ලාගෙන තිබේ.
නිරුපද්‍රිතව අල්ලා ගත් එම සත්වයා වනජීවී නිලධාරීන් විසින් මොරගහවෙල වන රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
255 Views
Comments