“අනේ මගේ ඇඟේ අමුතු ලපයක්” මේ වගේ ලපයක් දැක්කොත් සැලකිලිමත් වෙන්න

සිරුරේ හඳුනා නොගත් ලප කැළැල් දුටුවහොත් සැලකිලිමත් වන ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කර සිටී. මෑතක සිට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් පවතින බැවින් අවශ්‍ය කඩිනම් සෞඛ්‍ය උපදෙස් ලබා ගත යුතු බව එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලබන අතර ඉන් 40%ක් පමණ බස්නාහිර පළාතෙන් හමුවන බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම එයින් 15% රෝගීන් කුඩා දරුවන් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තවදුරටත් සඳහන් කර සිටී.
තම සිරුරේ මෙවැනි ලප කැළැල් පිළිබඳ සැකයක් වෙතොත් ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 075 4088604 අංකය වෙත වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන ලෙසත්, ඒ සමගම වයස, ස්ත්‍රී පුරුෂභාවය, ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ ඇතුළත් කෙටි විස්තරයක් එම අංකයට යොමු කරන ලෙසත් අදාල නිවේදනයෙන් ඉල්ලා සිටී.
409 Views
Comments