පෞරාණික බුදු පිළිමයක් සමග දිවුලපිටියේදී සැකකරුවන් තිදෙනෙක් දැලේ

ඊයේ රාත්‍රී දිවුලපිටිය නගරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනෙකු දිවුලපිටිය පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන් සතුව තිබූ ගමන් මල්ලක බුදු පිළිමය සඟවා තිබූ බව දිවුලපිටිය පොලිසිය පවසා සිටී.
හොරණ ප්‍රදේශයේ නිවසකින් මේ බුදු පිළිමය සොරාගෙන ඇති බවත්, සැකකරුවන් සතුව වරායට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවසර පත්‍ර තුනක් තිබූ බවත් තවදුරටත් සදහන් වන අතර මෙම සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
245 Views
Comments