අන්තරේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා කොළඹ සරසවියේ ආරක්ෂක නිලධාරියෙකු මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

අන්තරේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා කොළඹ සරසවියේ ආරක්ෂක නිලධාරියෙකු මිය යයි

අන්තරේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා කොළඹ සරසවියේ ආරක්ෂක නිලධාරියෙකු මිය යයි

කොළඹ විශ්වවිද්‍යාලය අසල ඊයේ පැවති විරෝධතාවයේදී පොලිසිය විශ්වවිද්‍යාලය තුළට පැමිණ කළ පහරදීමෙන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක නිලධාරියකු මියගොස් ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේය.

 

පොලිසිය විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී කළ පහරදීම හා කඳුළු ගෑස් ප්‍රහාරය හමුවේ මෙම ආරක්ෂක අංශ නිලධාරියා අසනීප තත්වයෙන් වැසිකිළියක රැඳී සිට ඇති අතර, අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව ඔහු කියා සිටියේය.

 

මෙම මරණය ඝාතනයක් බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් ඔහු චෝදනා කර සිටියේය.

views

205 Views

Comments

arrow-up