චීනයෙන් ආධාර ලෙස ලැබුණු ඩීසල් ලබන සතියේ සිට ගොවීන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

චීනයෙන් ආධාර ලෙස ලැබුණු ඩීසල් ලබන සතියේ සිට ගොවීන්ට

චීනයෙන් ආධාර ලෙස ලැබුණු ඩීසල් ලබන සතියේ සිට ගොවීන්ට

මෙරට වී ගොවීන් වෙනුවෙන් චීනය විසින් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 6.98 ක ප්‍රමාණය ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

 

මෙම වැඩපිළිවෙළට හරහා මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කරන ලද ගොවීන්ට හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර 15 බැගින් ලබාදීමට නියමිතව තිබේ.

 

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පිළිබඳ ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී ගන්නා ලද තීරණ වලට අනුව මෙම ඉන්ධන තොගය එළඹෙන සතියේ සිට බෙදාහැරීම ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

 

එම ඉන්ධන තොග බෙදාහැරීම් කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන අනූ නමයක් වැයවෙන බව පුවත් වාර්තා සඳහන් කරයි.

views

197 Views

Comments

arrow-up