දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම ගැන තීරණය මාර්තු 27 ප්‍රකාශ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම ගැන තීරණය මාර්තු 27 ප්‍රකාශ කෙරේ

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම ගැන තීරණය මාර්තු 27 ප්‍රකාශ කෙරේ

ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද? නැද්ද? යන්න තීරණය කිරීම එළඹෙන 27 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සදහන් කර සිටී.

 

රාමලිංගම් රංජන්  නැමැති නීතිඥයකු විසින් ගොනු කරන ලද මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් වික්‍රම ද ආබෘ යන මහත්වරුන් විසින් මෙම මූලික විරෝධතා මතු කොට තිබේ.

views

187 Views

Comments

arrow-up