අයිස් සමග උසාවි පැමිණි සැකකරුවෙකුට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

අයිස් සමග උසාවි පැමිණි සැකකරුවෙකුට වැඩ වරදී

අයිස් සමග උසාවි පැමිණි සැකකරුවෙකුට වැඩ වරදී

මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු ඇඳුමක සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය හා දුම්කොළ රැගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු අද අධිකරණයට පැමිණ තිබුණේ නඩුවකට පෙනී සිටීමට වන අතර, බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට කැටුව එන රැඳවියෙකුට ලබාදීමට ඔහු මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

සැකකරුට එරෙහිව අද පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාගයට ගැනීමට නියමිතව තිබූ බවත් ඒ සඳහා පෙනී සිටීමට ඔහු පැමිණ ඇති බවත් සඳහන් වේ.

views

251 Views

Comments

arrow-up