MAR
15
රජයේ මුද්‍රණාලය ඡන්දය තියන්න යළිත් මුදල් ඉල්ලයි

රජයේ මුද්‍රණාලය පවසන්නේ, මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බවයි.
මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාල ලිපිය යොමු කළ බව මුද්‍රණාලයාධිපතිනිය ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.
එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව ඇය ප්‍රකාශ කළ අතර මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.
216 Views
Comments