පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා සේවකයින්ට වාසියක්

ශ්‍රී ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත හා සෙවනගල යන සීනි කර්මාන්ත ආයතන වල සේවකයින්ට සහ උක්ගස් සපයන ගොවීන්ට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 3 දින සිට දිරිදීමනා ලබා දෙනබව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා ප්‍රකාශ කර සිටි.
2022 වර්ෂයේ මෙම ආයතන දෙකම ලාභ ලබා ඇති බැවින් ඒ සඳහා කැපවූ සේවකයින් අගයමින් මෙලෙස දිරි දීමනා ලබා දීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ සේවය කරන ස්ථිර, අනියම් සහ කොන්ත්‍රාත් සේවක සේවිකාවන් 4,423 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 45,000 බැගින් ලබා දෙන අතර සෙවනගල ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් 1,100කට රුපියල් 95,000 බැගින් දිරිදීමනා හිමිවේ.
කර්මාන්තශාලා දෙකට උක්ගස් සැපයූ සියළුම ගොවීන් හට උක් ටොන් එකක් වෙනුවෙන් රුපියල් 300ක දිරිදීමනාවක් ද ලබා දීමට නියමිතය.
පැලවත්ත සීනි සමාගමේ සේවකයින් සඳහා දිරිදීමනා ලෙස රුපියල් දහනවකෝටි අනූලක්ෂ තිස්පන්දහසක් ද, ගොවීන් සඳහා රුපියල් කෝටි 5ක්ද, සෙවනගල සමාගමේ සේවකයින්ගේ දිරිදීමනා සඳහා රුපියල් දසකෝටි හතළිස්පන්ලක්ෂයක්ද ගොවීන් සඳහා රුපියල් කෝටි 3ක්ද මෙලෙස ලබා දෙයි.
227 Views
Comments