MAR
15
රත්මලානේ ගෙවල් බින්ද තණකොලයා හෙරොයින් සමග දැලේ

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි තණකොළයා නැමැති අන්වර්ථ නමින් හඳුන්වන හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙකු නිවාස, ගෙවතු සහ කාර්යාලවල තණකොළ කැපීමට ගොස්, ඒ මුවාවෙන් රාත්‍රී කාලයේ එම නිවාස වෙත ඇතුල්වී සොරකම් කරන ලද ලක්ෂ 25 ක් පමණ භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටී.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ මිලි ග්‍රෑම් 50 ක් තිබූ බව ද වාර්තා වේ.
207 Views
Comments