අලි උවදුරට එරෙහිව රිටිගල ගම්මු හුළුඅතු දල්වාගෙන විරෝධයේ

රිටිගල වනජීවී කලාපයට අයත් අංක 186 යකල්ල, තුලාන, මහසෙන්ගම පලුගොල්ලාගම, වෙම්බුවැව, උඩ කල්ලාගම, මහසෙන්පුර ඇතුළු ගම්මානවල වැසියන් වන අලින්ගෙන් එල්ලවන පීඩාවට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රී හුළු අතුදල්වමින් උද්ඝෝෂණයක නිරත වී ඇති බව වාර්තා වේ.
ගම්මාන ගණනාවකට දිවා සහ රාත්‍රී කාලයේ පැමිණෙන වන අලින් ජීවිත, නිවාස සහ අනෙකුත් දේපල විනාශ කරන බවට ඔවුන් මැසිවිලි නගන අතර, හුරුලුවැව රක්ෂිතය හා හබරණ රක්ෂිතයේ දෙසින් ගම්වදින එම අලින් සම්පූර්ණයෙන්ම පොල්, කෙසෙල්, බඩඉරිඟු ආදී වගාබිම් විනාශ කරමින් සිටින බවටද චෝදනා කරයි.
මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
215 Views
Comments