පස්සරදී මාරක අනතුරකින් පිය පුතු දෙපළකට දිවි අහිමි වෙයි

මොණරාගල මාර්ගයේ පස්සර 3 කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 3.00ට පමණ යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පිය පුතු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පස්සර පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරට පත්ව ඇත්තේ පස්සර මීදුම්පිටිය ගලබඩවත්ත පදිංචි අවුරුදු 19ක් වයසැති මනෝහරන් ඩිල්ෂාන් සහ අවුරුදු 50ක් වයසැති ආරුමුගම් මනෝහරන් යන දෙදෙනාය.
පස්සර සිට මොණරාගල බලා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් තවත් ලොරි රථයක් පසුකර ගෙන යාමට ගත් උත්සාහයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටී තිබුණු බව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ දෙකෙහිම රියදුරන් පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
247 Views
Comments