යාපනයේ ව්‍යාපාරිකයෙක් සහ සේවිකාවක් සියදිවි නසාගැනීමේ අබිරහස

යාපනය නාවලර් වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන රන් භාණ්ඩ අලෙවි සැලක හිමිකරු හා එම රන් භාණ්ඩ අලෙවි සැලේම සේවය කළ තරුණියක්, ඔවුන් දෙදෙනාගේ පුද්ගලික නිවෙස් තුළම සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසා සිටී.
මෙම තරුණිය 21 හැවිරිදි යාපනය නාවන්තුරෙයි දේශයේ පදිංචි කාරිණියක් වන අතර, මිය ගිය ව්‍යාපාරිකයා තනිව ඔහුගේ නිවසේ ජීවත්ව ඇති බවද වාර්තා වේ.
ඔහුගේ බිරිඳ සහ දරුවන් කොළඹ ජීවත්වන බවද අනාවරණය කරගෙන ඇත. මෙම තරුණියගේ සහ මියගිය ව්‍යාපාරිකයාගෙන් සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බව ද වාර්තා වේ.
195 Views
Comments