ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් සමග ඇල්ලූ සැකකරුවෙක් දිවි ඇති තෙක් හිර ගෙට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් සමග ඇල්ලූ සැකකරුවෙක් දිවි ඇති තෙක් හිර ගෙට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් සමග ඇල්ලූ සැකකරුවෙක් දිවි ඇති තෙක් හිර ගෙට

2013 වසරේ පෙබරවාරි මස 08 වන දා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත් කුඩු බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙන බව වාර්තා වේ.

 

අදාල මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කොට ඇති අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් දෙසිය විස්සක් තිබූ බව රස පරීක්ෂක විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

 

මෙම චෝදනාවට වරදකරු වු පුද්ගලයාට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය සිරදඬුවම් නියම කරන ලද්දේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව යි.

 

තීන්දුවට ප්‍රකාශයට පත් කළ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී තිබෙන බවයි.

 

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

views

126 Views

Comments

arrow-up