IMF ණය ගනුදෙනුව ගැන ජනපති ඇත්ත ඇති සැටියෙන් කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරන අතර එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිලිබඳ ගිවිසුම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළ බව සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බවට ඇතැමුන් අර්ථ දක්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටින අතර එම ප්‍රකාශ ඔවුන් සිදුකරනු ලබන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පහසුකම් පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජුලි 09 වෙනිදා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවයි.
මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා." යැයි ඔහු පවසා සිටී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමේ සහ රට නගා සිටුවීමේ පියවරක් බවයි. මෙම ණය පහසුකම යටතේ වසර 4ක් තුළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ලැබෙන අතර පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
මීට අමතරව, වෙනත් පාර්ශ්වවලින් වේගවත් ණය ආධාරයක් ලෙස තවත් ඩොලර් බිලියන 7 ක් පමණ රටට ලබා ගත හැකි බවට තමන් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරයි.
273 Views
Comments