කිලෝ 150 කට අධික කේරල ගංජා තොගයක් යාපනයෙන් හසු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

කිලෝ 150 කට අධික කේරල ගංජා තොගයක් යාපනයෙන් හසු වෙයි

කිලෝ 150 කට අධික කේරල ගංජා තොගයක් යාපනයෙන් හසු වෙයි

යාපනය, මාදගල්වල වෙරළ තීරයේ සහ මුහුදේ පාවෙමින් තිබු මිලියන 54 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම්  165 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

 

ඊයේ (28) රාත්‍රියේ සිදුකළ පාමුර සංචාරයකදී පාර්සල් 71 ක අසුරා උර 8 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 150 යි ග්‍රෑම් 390 ක් සොයාගෙන තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කර සිටී.

 

මුහුදේ පාවෙමින් තිබූ තවත් උරයක තිබී කේරල ගංජා තොගයක් සොයාගෙන ඇති අතර, එම ගංජා තොගයේ බර කිලෝ 15 ක් පමණ වන බවත්, ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා මෙරටට රැගෙන එන්නට ඇති බවත් නාවික හමුදාව සැක පළ කොට සිටී.

views

114 Views

Comments

arrow-up