කතකගෙන් අල්ලස් ගත් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයෙකුට වැඩ වරදින ලකුණු

2007 වසරේ සිදුව ඇති රථවාහන නඩුවකට අදාල වාර්තාවක් ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි සෙවනගල, නාමල්ගම පදිංචි කාන්තාවකට අවශ්‍යව තිබූ නඩු වාර්තාවක් වෙනුවෙන් එම කාන්තාවගෙන් රුපියල් 6000 ක් ඉල්ලූ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයකු සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත ගාල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය එම වාර්තාව ලබා ගැනීමට අවස්ථා දහයක් අධිකරණයට පැමිණ ඇති අතර, පසුව අධිකරණ සේවකයා ඇයට දුරකතනයෙන් කතා කර නඩු වාර්තාව සොයාදීමට රුපියල් 6000 ක මුදලක් ඉල්ලා ඇති බවයි.
මෙම කාන්තාව එම දුරකථන සංවාදය පටිගත කිරීමෙන් පසුව සිද්ධිය පිළිබඳ ලියාපදිංචි තැපෑලෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ විමර්ශන පැවැත්වීම ගාල්ල පොලිසියට භාර කර ඇති බව වාර්තාවේ.
337 Views
Comments