බදු සහන මත වාහන ආනයනය කරන අයගේ නම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයින්, ආයෝජන මණ්ඩලයේ බදු සහන / බදු විරාම ලබාගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීරණ මූල්‍ය ණය පහසුකම් පිළිබඳ ප්‍රකාශ කරන අතරවාරයේ අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
229 Views
Comments