කුඩු සලිඳු සහ හරක් කටාව පොලිසියෙන් බේරාගන්න විශේෂ ආරක්ෂාවක්

දැනට රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු පිටතට රැගෙන යාමේදී ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වේ.
ඒ අද (29) ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාල නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
හරක් කටා සහ කුඩු සලිඳු රඳවාගෙන සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිළධාරියෙක් භාරයේ සහ විමර්ශන සිදු කරන ඒකකයේ ස්ථානාධිපතිවරයා යටතේ පමණක් රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇති බව සඳහන් වේ.
223 Views
Comments