1990 සුවසැරිය බේරාගන්න ජනතාවගෙන් උදවු ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

1990 සුවසැරිය බේරාගන්න ජනතාවගෙන් උදවු ඉල්ලයි

1990  සුවසැරිය බේරාගන්න ජනතාවගෙන් උදවු  ඉල්ලයි

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි.

 

තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බව පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසයි. මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

 

එනම් ගිලන් රථයක භාරකාරීත්වය භාරගන්නා ලෙස මහජනතාවට ආරාධනය කර සිටිමිනි. මෙරට තනි පුද්ගලයින්ට හා ආයතන වලට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.

 

"Adopt an Ambulance" ලෙසින් හඳුන්වා දී ඇති මෙම ව්‍යාපෘතියේ දී එක් ගිලන් රථයක භාරකාරත්වය ගැනීම සඳහා පිරිවැය ලෙස හඳුන්වා දී ඇති මුදල රුපියල් මිලියන 5 කි. 1990 සුව සැරිය ගිලන් රථ 297 ක් අද වන විට සමස්ත දිවයිනම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක වේ.

 

සාමාන්‍යයෙන් මිනිත්තු 11.5 ක කාලයක් තුළ දී 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ප්‍රතිචාර දක්වා ඇති බවත් එය ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක මෙවැනි සේවාවන්ට නොදෙවෙනි සේවාවක් ලබා දෙන බවත් සඳහන් වේ.

views

155 Views

Comments

arrow-up