ශ්‍රී ලංකා ආර්ථිකයේ පිබිදීමක් ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව කියා සිටී.
2024 වසර වන විට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇති බවත්, එහෙත් ඊට ප්‍රථම මෙම වසරේ දී ආර්ථිකයේ යම් හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ඔවුන් කියා සිටී.
2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීම යන කාරණා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හේතු කාරණා වනු ඇති බවද කියා සිටින ආසියානු සංවර්ධන බැංකුව, මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත්භාවයට පත්කිරීම දීර්ඝ කාලීන පියවරක් වනු ඇති බවද, එම ක්‍රියාවලිය අතරතුර දී දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් කරුණක් වන බව ද අවධාරණය කොට සිටී.
වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.8% කින් හැකිළීමට ලක්වූ අතර, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් 2023 වසරේ දී ද සියයට 3% කින් හැකිළීමට ලක්වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දේ.
238 Views
Comments