යුද හමුදා කාන්තා සෙබළියෝ අභීත ලෙස බෝම්බ නිශ්ක්‍රීය කරති
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

යුද හමුදා කාන්තා සෙබළියෝ අභීත ලෙස බෝම්බ නිශ්ක්‍රීය කරති

යුද හමුදා කාන්තා සෙබළියෝ අභීත ලෙස බෝම්බ නිශ්ක්‍රීය කරති

ලෝක බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 4 වැනිදාටය.

 

 

2002 වර්ෂයේදී ප්‍රථම වරට මානුෂීයවාදී බිම්බෝම්බ ඉවත් කිරීම ලංකාවේ ආරම්භ කෙරුණු අතර 2009 මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුවද තවමත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීම ක්‍රියාත්මකය.

 

 

එහි අරමුණ වන්නේ 2027 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීමයි.

 

 

මෙතෙක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලැබූ පිරිමි සෙබළුන් පමණක් ඒ කාර්යයේ නිරත වුවද හමුදාපතිවරයාගේ මගපෙන්වීම සහ උපදෙස් මත මනා පුහුණුවකින් යුතු කාන්තා සෙබළියන් කණ්ඩායමක්ද ඒ සඳහා අනුයුක්ත කර ඇත.

 

 

එම කාන්තා කණ්ඩායම මේ වනවිට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවද තවත් කාන්තා සෙබළියන් 40 කගේ කණ්ඩායමක් සඳහා පුහුණුවීම් සිදු කෙරෙන බවද යුද හමුදාව නිවේදනය කර තිබේ.

views

261 Views

Comments

arrow-up