"රිලව් රට යවන්න හදන එක ලැජ්ජා නැති වැඩක්" - නවීන් දිසානායකගෙන් සැර කතාවක්

මෙරට රිළවුන් චීනයට ලබා දීමේ තීරණය ගැන තමාගේ දැඩි විරෝධය පළ කරන බව, හිටපු වනජීවී අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටී.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ, අතිශයින් පිළිකුල් සහගත වන මෙම ක්‍රියාව මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත හා ආවේණික සත්ව විශේෂ කිසි විටෙකත් සමූහ වශයෙන් අපනයනය කිරීම සිදු නොකළ යුතු බවත්ය.
එසේම, මෙම සතුන් රසායනාගාරවල වධ හිංසාවලට ලක් වීමට විශාල ඉඩක් ඇති බව පැහැදිළිවම පෙනෙන පසුබිමක මෙසේ රිලවුන් චීනයට යැවීමට සැලසුම් කිරීම අතිශයින් අමානුෂික ක්‍රියාවක් බව ඔහු අවධාරණය කොට සිටී.
336 Views
Comments