බීඩි කොළ හොරෙන් ගෙනා පිරිසක් පුත්තලමේදී කොටුවෙයි

පුත්තලම- පාලවියේදී කැබ් රථයකින් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 400 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිසියේ නිලධාරීන් සමත් වී තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - නාගවිල්ලුව, කල්පිටිය - මාම්පුරිය පදිංචිකරුවන් දෙදෙනෙකු බව සඳහන් වේ.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනවිත් කල්පිටිය හෝ ඊට ආසන්න ස්ථානයක මෙම බීඩි කොළ තොගය සඟවා තබා තිබී ඇති බවත්, පසුව ඒවා පෙට්ටිවල අසුරා තිබී ප්‍රවාහනය කිරීමේදී පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා, බීඩි කොළ තොගය සහ කැබ් රථය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ පිළිබඳව පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
237 Views
Comments