ඡන්දය නොපැවැත්වෙන බව ස්ථීරයි ගැසට් සියල්ල නිකුත් කර අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ඡන්දය නොපැවැත්වෙන බව ස්ථීරයි ගැසට් සියල්ල නිකුත් කර අවසන්

ඡන්දය නොපැවැත්වෙන බව ස්ථීරයි ගැසට් සියල්ල නිකුත් කර අවසන්

පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වන දිනට නියමිත පරිදි පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් සියළුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කොට තිබෙන බව වාර්තා වේ.

 

මහා භාණ්ඩාගාරය මුදල් වෙන් කළ පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලබා දුන් පසු මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත්කෙරෙන බව ඒවායේ සඳහන් වේ.

 

පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර, ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් මෙලෙස නිකුත් කර ඇති බව සඳහන් වේ.
 

views

239 Views

Comments

arrow-up