රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් වොෂින්ටනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් වොෂින්ටනයේ

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් වොෂින්ටනයේ

වොෂින්ටනයේ පැවති G-24 අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටී.

 

එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය සමග සාකච්ඡාවක නිරත වූ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී.

 

ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඇයට කෘතඥතාවය පළ කර තිබේ.

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එම සාකච්ඡාව සඳහා එක්ව සිටි බව සඳහන් වේ.
 

views

294 Views

Comments

arrow-up