APR
12
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජපානයේ, ප්‍රංශයේ සහ ඉන්දියාවේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සිය සහය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කොට තිබේ.
ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ ඇමරිකාවේ වොෂිංටන් හිදී එම රටවල් විසින් මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවයි.
274 Views
Comments