නවක සිසුන් බඳවා නොගැනීමෙන් හෙද විද්‍යාල වැසී යාමට ආසන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

නවක සිසුන් බඳවා නොගැනීමෙන් හෙද විද්‍යාල වැසී යාමට ආසන්නයි

නවක සිසුන් බඳවා නොගැනීමෙන් හෙද විද්‍යාල වැසී යාමට ආසන්නයි

2018 වසරේ සිට හෙද විද්‍යාල සඳහා සිසුන් පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම හේතුවෙන් හෙද විද්‍යාල වසා දැමීමට සිදුව ඇති බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටී.

 

පසුගිය වර්ෂ හතරක කාලය තුළ උසස්පෙළ විභාගයට පෙනී සිට, හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති අතර, 2018/2019 වසර සඳහා හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබු සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවද, 2020 සහ 2021 වර්ෂ සඳහා සිසුන් බඳවා ගැනීමට මෙතෙක් සම්මුඛ පරීක්ෂණ සිදු කර නොමැති බව එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදි අනාවරණය වූයේ, හෙද විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

 

2018/2019 වසර සඳහා හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබු සිසුන්ගේ සම්මුඛ පරික්ෂණ පැවැත්වුණද, එම කාලය තුළ පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බඳවා ගැනීම් ප්‍රමාද වූ බවට වාර්තා වන අතර, 2020 සහ 2021 වර්ෂ සඳහා හෙද විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

එසේම, මේ වන විට හෙද සේවයේ පුරප්පාඩු 2400 ක් පණ්මණ ප්වතින  බවත්, එම පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කොට සිටී.
 

views

332 Views

Comments

arrow-up