APR
12
දිවයින පුරා ATM යන්ත්‍ර ඉදිරිපිට විශාල පෝලිම්

රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් පසුගිය 10 වනදා ගිණුම්ගත කිරීමත් සමග දිවයින පුරා බැංකුවල මුදල් ලබා ගැනීමේ යන්ත්‍ර ඉදිරිපිට ඊයේ හා අද දිනයේ දැඩි තදබදයක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියා සිටිති.
ඇතැම් බැංකු වල මුදල් ලබාගැනීමේ යන්ත්‍ර ඉදිරියේ දීර්ඝ පෝලිම් පවතින අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගනිමින් ජනතාව අවුරුදු ජයටම සැමරීම සඳහා ලක ලෑස්ති වන බව එම වාර්තාකරුවෝ වැඩි දුරටත් කියා සිටිති.
316 Views
Comments