අපිරිසිදු ආහාර අලෙවි කළ වැල්ලවායේ හෝටල් රැසකට නඩු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

අපිරිසිදු ආහාර අලෙවි කළ වැල්ලවායේ හෝටල් රැසකට නඩු

අපිරිසිදු ආහාර අලෙවි කළ වැල්ලවායේ හෝටල් රැසකට නඩු

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙන බව වාර්තා වේ.

 

එහිදී, අපිරිසිදු ආහාර අලෙවි කිරීම, දින වෙනස්කර ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ වෙළෙඳසැල් හිමියන් දොළොස් දෙනෙකුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන අතර, අපිරිසිදු ආහාර අලෙවි කල වෙළෙඳසැල් 12 ක තිබූ ආහාර විනාශ කිරීමටද පියවර ගෙන තිබූ බව සඳහන් වේ.

 

මෙම මෙහෙයුම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වී තිබෙන බව සඳහන් වේ.

views

304 Views

Comments

arrow-up