ලංකාවේ මිනිස්සුන්ට දැන් කන්න බොන්න හිඟයක් නැහැලු

ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් 10 ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඉහළම උද්ධමනය සහිත රට ලෙස ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෙබනනය පසුවන අතර එහි උද්ධමනය ප්‍රතිශතය 261% ක් වේ.
දෙවන ස්ථානයේ සිම්බාබ්වේ පසුවන අතර එය ප්‍රතිශතයක් ලෙස 128% කි. ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් ද පිළිවෙළින් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසු වේ.
පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 03 අතරට ඇතුළත්ව තිබුණු අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආහාර උද්ධමනය 47.6% ක් ලෙස සටහන් වේ.
254 Views
Comments